IPL තරග පැවැත්වෙන ආකෘතියේ වෙනසක්

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වීම සදහා නගර පහක ක්‍රීඩාංගන යොදා ගැනීම සම්බන්යෙන් මේ වන විට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව චෙන්නායි, කොල්කටා, අහ්මදාබාද්, බැංගලෝර් සහ දිල්ලි යන ක්‍රීඩාංගන පිළිබද මේ වන විට අවධානය යොමුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මුම්බායි නගරය ද යොදා ගැනීම සදහා ප්‍රාන්ත රජය සමග තවදුරටත් සාකච්ඡා සිදු වන බව සදහන්.

මුම්බායිහි ක්‍රීඩාංගන 4කදී පමණක් තරග පැවැත්වීම පිළිබද මීට පෙර අවධානය යොමුව තිබූ නමුත්, මුම්බායි නුවර මේ වන විට පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් එය සිදු කිරීම අපහසු වී තිබෙනවා.

මේ අතර, මෙවර තරගාවලියේ තරග පැවැත්වෙන ආකෘතියේ වෙනසක් ද සිදු වනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව සියලු කණ්ඩායම් කාණ්ඩ දෙකකට බෙදා තරග පැවැත්වීමට ඉඩ ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...