වීසා ගැටලුව නිසා 20යි 20 නායකත්වයේ යළි වෙනසක්

Date:

ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායකත්වය සම්බන්ධයෙන් මේ වන විට ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙනවා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ දී ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායම මෙහෙයවීමට නියමිතව සිටි දසුන් ශානක එරටට ළගා වීම තවදුරටත් ප්‍රමාද වීම හේතුවෙන්.

ඇමෙරිකානු වීසා ලබා ගැනීමේ ගැටලුවක් හේතුවෙන් ඔහුට පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායම සමග කොදෙව් සංචාරය සදහා පිටත්ව යාමට හැකි වූයේ නැහැ.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කොදෙව් දේශයට ළගාවී ඇති අතර, ඔවුන් දින 3ක කාලයක් නිරෝධායනයට ද ලක්විය යුතුයි.

වීසා ගැටලුව හේතුවෙන් දසුන් ශානක කොදෙව් දේශය බලා පිටත්ව යාම තවදුරටත් ප්‍රමාද වන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඇතැම්විට ඔහුට සමස්ත 20යි 20 තරගාවලියම අහිමි වීමේ අවධානමක් මතුව ඇති බව සදහන්.

ඒ හේතුවෙන් 20යි 20 තරගාවලියේ දී ද කණ්ඩායම මෙහෙයවීමේ වගකීම එක්දින සහ ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට පැවරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය ලබන 3 වනදා ඇන්ටිගුවාහී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...