1990 දශකයේ කණ්ඩායමට විස්ඩන් සගරාව නම් කළ එකම ශ්‍රී ලාංකිකයා

Date:

1990 දශකය යනු ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ ස්වර්ණමය යුගයක් බවට විවාදයක් නැහැ.

1996 ලෝක ක්‍රිකට් ශූරතාවය ජය ගැනීම එය මොනවට පැහැදිලි කරනවා.

සනත් ජයසූරිය සහ රොමේෂ් කලුවිතාරන එක්දින තරග රටාව උඩුයටිකුරු කරමින් දැක් වූ දක්ෂතා මෙන්ම මැදපෙල ශක්තිමත් භාවය එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබලතාවය ඉහළ නංවන්නට හේතු වුණා.

මැදපෙල ශක්තිමත් බව පිළිබද කතා කිරීමේ දී සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා දැක් වූ දක්ෂතා කිසිසේත් අමතක කළ නොහැකියි.

ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙස සැලකෙන විස්ඩන් සගරාව ද ඔහුගේ එම දක්ෂතා ඇගයීමට ලක් කර තිබුණා.

ඒ, එම සගරාව විසින් මීට පෙර නම් කර තිබූ 1990 දශකයේ ලෝක එක්දින කණ්ඩායමට ද අරවින්ද ද සිල්වා ඇතුළත් කිරීම තුළින්.

එම කණ්ඩායමට නම් කර ඇති එකම ශ්‍රී ලාංකිකයා වූයේ ද ඔහුයි.

1996 ලෝක ක්‍රිකට් ශූරතාව ජය ගෙන වසර 25ක් සපිරෙන මෙම වසරේ දී අරවින්ද ද සිල්වාගේ සුපිරි දක්ෂතා අප යළි සිහිපත් නොකරන්නේනම් සැබවින්ම එය ඔහුට කරන අගෞරවයක්.

විස්ඩන් සගරාව ප්‍රකාශයට පත් කළ 1990 දශකයේ එක්දින කණ්ඩායම පහතින් –

සචින් ටෙන්ඩුල්කාර්, සයීඩ් අන්වර්, බ්‍රයන් ලාරා, අරවින්ද ද සිල්වා, මයිකල් බෙවන්, ලාන්ස් ක්ලූස්නර්, ඉයන් හීලි, වසීම් අක්‍රම්, ශේන් වෝර්න්, සක්ලයින් මුස්ටක්, ඇලන් ඩොනල්ඩ්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...