රූට්ගේ ඇදහිය නොහැකි පන්දු යැවීම හමුවේ ඉන්දීය ඉනිම 145කට සීමා වෙයි

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි(25).

දිනය ආරම්භ කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 99ක් ලබා සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දීය ඉනිමේ සියලු පිතිකරුවන් ලකුණු 145කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වීම විශේෂත්වයක්.

රෝහිට් ෂර්මා ලකුණු 66ක් ලබා ගත් අතර, නායක විරාට් කෝලි ලකුණු 27කට දැවී ගියා.

පන්දු යැවීමේ දී විශිෂ්ඨ දක්ෂතාවයක් දැක් වූ නායක ජෝ රූට් ලකුණු 8කට කඩුලු 5ක් බිද හෙලූ අතර, එලෙස ඔහු විසින් කඩුලු 5ක් දවා ගනු ලැබුවේ සිය ටෙස්ට් දිවියේ පළමු වරටයි.

ජැක් ලීච් කඩුලු 4ක් දවා ගැනීමට ද සමත් වුණා.

දිවා රාත්‍රී තරගයක් ලෙස අහ්මදාබාද්හී දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ නමුත්, ඔවුන්ට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 112ක් පමණයි.

සැක් ක්‍රව්ලි ලකුණු 53ක් රැස් කළ අතර, විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අක්සාර් පටෙල් කඩුලු 6ක් බිද හෙලුවා.

ඒ අනුව ඉන්දියාව මේ වන විට සිය පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 33ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...