පළමු දිනයේ සියලු ගෞරව ඉන්දියාවට – Day 1 Report

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද(24) නිමා වුණා.

දිවා රාත්‍රී තරගයක් ලෙස අහ්මදාබාද්හී දී මෙම තරගය පැවැත්වෙන අතර, දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 99ක්.

රෝහිට් ෂර්මා නොදැවී ලකුණු 57ක් ලබා කඩුල්ලේ රැදී සිටින අතර, නායක විරාට් කෝලි ලකුණු 27කට දැවී ගියා.

ෂුබ්මන් ගිල් ලකුණු 11ක් රැස් කළා.

චෙටස්වර් පුජාරාට කිසිදු ලකුණක් ලබා ගැනීමට අවස්ථාව හිමි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී ජැක් ලීච් කඩුලු 2ක් සහ ජොෆ්ර ආචර් එක් කඩුල්ලක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ නමුත්, ඔවුන්ට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 112ක් පමණයි.

ඉනිමේ පළමු කඩුල්ලේ සබදතාවය ලකුණු දෙකකට සීමා කරමින් ඩොම් සිබ්ලි ලකුණු බින්දුවකට දවා ගැනීමට තම 100 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ඉෂාන්ට් ෂර්මා සමත් වුණා.

සැක් ක්‍රව්ලි සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සිව්වන අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 53ක් රැස් කළ අතර, ජොනී බෙයාර්ස්ටොව් ලකුණු නොලබා දැවී ගියා.

නායක ජෝ රූට් ලකුණු 17ක් ද, බෙන් ෆෝක්ස් ලකුණු 12ක් ද ලබා ගත්තා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අක්සාර් පටෙල් කඩුලු 6ක් බිද හෙලූ අතර, රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 3ක් දවා ගත්තා.

ඒ අනුව ඉන්දියාව මේ වන විට සිය පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 13ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...