PSL සිව්වැනි තරගයේ ජය ලාහෝර් කණ්ඩායමට

Date:

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයෙන් ජය වාර්තා කිරීමට ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ කරච්චිහී දී පැවැති තරගයේ දී කඩුලු 9කින් පරාජයට පත් වූයේ ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 178ක් ලබා ගත්තා.

ක්‍රිස් ගේල් ලකුණු 68ක් සහ සර්ෆ්‍රාස් අහ්මඩ් ලකුණු 40ක් රැස් කළා.

පන්දු යැවීමේ දී හැරිස් රවුෆ් ලකුණු 38කට කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලාහෝර් කණ්ඩායම පන්දුවාර 18.2ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ෆකාර් සමාන් නොදැවී ලකුණු 82ක් සහ මොහොමඩ් හෆීස් නොදැවී ලකුණු 73ක් ලබා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...