20යි 20 ලෝක කුසලානයේ සත්කාරකත්වයට අමෙරිකාවත් තරග බිමට

Date:

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක සත්කාරකත්වය දැරීම සදහා සූදානම් බව අමෙරිකා එක්සත් ජනපදය පවසනවා.

2023 වසරේ සිට ආරම්භ වන නව විකාශන චක්‍රයට අදාළව ඇති 20යි 20 ලෝක කුසලාන තරගාවලියක සත්කාරකත්වය ලබා ගැනීමටයි ඔවුන් කැමැත්ත පල කර ඇත්තේ.

20යි 20 ලෝක කුසලාන තරගාවලියක් අමෙරිකාවේ දී පැවැත්වීමට හැකි වුවහොත් ඉතා ඉහළ ප්‍රේක්ෂක සහභාගීත්වයක් ක්‍රීඩාංගන තුළ දැක ගත හැකි වනු ඇති බවට ද අමෙරිකානු ක්‍රිකට් ආයතනය විශ්වාසය පල කරනවා.

“ඔබ අමෙරිකාවේ ක්‍රීඩා කළහොත්, සෑම ක්‍රීඩාංගනයකම ප්‍රවේශ පත්‍ර සියල්ල අලෙවි වී අවසන් වේවි.”

යනුවෙන් අමෙරිකානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී Iain Higgins බී.බී.සී ලෝක සේවය වෙත සදහන් කළා.

2019 වසරේ දී අමෙරිකාව එක්දින ජාත්‍යන්තර වරම් හිමි කර ගත් අතර, ප්‍රධාන විධායක නිළධාරීවරයා පෙන්වා දෙන්නේ ඉදිරි දශකය තුළ දී අමෙරිකාවට ටෙස්ට් තත්ත්වයද ලබා ගැනීමට අවශ්‍යව ඇති බවයි.

මීට පෙර 1994 වසරේ දී අමෙරිකාව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය දරනු ලැබූ අතර, එය නැරඹීම සදහා මිලියන 3.5ක පමණ ප්‍රේක්ෂක පිරිසක් ක්‍රීඩාංගන වෙත පැමිණ සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...