“විදෙස් ගමන් බලපත්‍රය අස්ථානගත වුණේ වසර දෙකකට පෙරයි” : දසුන් ශානක

Date:

තම විදෙස් ගමන් බලපත්‍රය අස්ථානගත වූයේ මීට වසර දෙකකට පමණ පෙර දී බව ශ්‍රී ලංකා 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

ඒ හේතුවෙන් වීසා ලබා ගැනීමේ කටයුතු සදහා මේ වන විට අමතර කාලයක් වැයවෙමින් පවතින බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ඔහු සදහන් කර ඇත්තේ.

අමෙරිකාවට යාම සදහා වසර පහක කාලයකට වලංගු වන වීසා බලපත්‍රයක්, අස්ථානගත වූ ඔහුගේ පැරණි විදෙස් ගමන් බලපත්‍රය සතුව පැවැති බව සදහන්.

කෙසේ වෙතත්, එය අස්ථාන ගත වීම හේතුවෙන් මේ වන විට අමතර වැඩකටයුතු කිහිපයක් සිදු කිරීමට බළධාරීන්ට සිදුව ඇති බවයි දසුන් ශානක කියා සිටියේ.

ළහිරු තිරිමාන්නට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා ක්‍රීඩකයින්ට නිරෝධායනයට ලක්වීමට සිදුවීම හේතුවෙන් සිය වීසා බලපත්‍ර අයදුම්පත භාර දීමට ප්‍රමාද වූ බව ද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අද අලුයම බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය ආරම්භ කරමින් මෙරටින් පිටත්ව ගිය නමුත්, වීසා නොලැබීම හේතුවෙන් දසුන් ශානකට සෙසු ක්‍රීඩකයින් සමග කොදෙව් දේශය බලා පිටව යාමට හැකි වූයේ නැහැ.

කෙසේ වෙතත්, මෙම සතිය අග වන විට ඔහුට කොදෙව් දේශය බලා පිටත්ව යාමට අවස්ථාව හිමි වීමට ඉඩ ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

එරටට ළගා වීමෙන් අනතුරුව නිරෝධායනයට ද ලක්වීමට සිදු වන බැවින් කොදෙව් සංචාරයේ තරග කිහිපයක් ඇතැම් විට ඔහුට අහිමි වීමේ අවධානමක් ද මේ වන විට මතුව තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලියේ පළමු තරගය එළඹෙන 3 වනදා ඇන්ටිගුවාහී දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...