20යි 20 ලෝක කුසලානය ගැන තීන්දුව අද

Date:

මෙම වසරේ ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට අද(10) දිනයේ බොහෝ විට ඉඩ පවතිනවා.

ඒ, දුරකතන තාක්ෂණය ඔස්සේ අද පැවැත්වෙන අයි.සී.සී රැස්වීමේ දී යි.

අදාළ තරගාවලිය නියමිත පරිදි පවත්වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් පසුගිය 28 වනදා අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබුණ ද, එය එදින සිදු කෙරුණේ නැහැ.

ඒ, න්‍යාය පත්‍රයේ ප්‍රධාන මාතෘකා පසෙකලා අයි.සී.සී ක්‍රියාකාරීත්වයේ රහස්‍යභාවය පිළිබද ඇති වූ ගැටලු සම්බන්ධයෙන් එදින සාකච්ඡා කිරීමට අයි.සී.සීය කටයුතු කිරීම හේතුවෙන්.

අයි.සී.සී ක්‍රියාකාරීත්වයේ රහස්‍යභාවය බිද වැටී ඇති බවට සාමාජිකයින් රැසක් පෙන්වා දී තිබූ බැවින් අයි.සී.සී ආචාර ධර්ම නිළධාරිවරයාට ඒ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙසට ද ජගත් ක්‍රිකට් කවුන්සලය පසුගිය 28 වනදා දැනුම් දුන්නා.

ඒ අනුව එම පරීක්ෂණයේ වාර්තාව සම්බන්ධයෙන් ද අද දිනයේ දී සාකච්ඡා කිරීමට ඉඩ තිබෙනවා.

මේ අතර, අයි.සී.සී නව සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ නිළවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද පසුගිය 28 වනදා සාකච්ඡා කිරීමට නියමිතව තිබූ නමුත් ඒ පිළිබදව ද එදින සාකච්ඡා නොවූ බැවින් අද දිනයේ දී ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කරනු ඇති.

එමෙන්ම කොරෝනා වසංගතය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති ජාත්‍යන්තර තරගාවලි සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ජාත්‍යන්තර තරගාවලි ඉදිරි කාලසටහන (FTP) සංශෝදනය කිරීම පිළිබදව ද අද දිනයේ දී ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...