වනිඳුව IPL තරගාවලියෙන් ප්‍රතික්ෂේප කිරීම ගැන හිටපු ඉන්දිය ක්‍රීඩකයෙකුගෙන් දොස්මුරයක්

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දී කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු කිසිදු කණ්ඩායමක් විසින් මිලදී නොගැනීම සම්බන්ධයෙන් මේ වන විට බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ක්‍රීඩා නොකරන අතර, එවැනි සිදුවීමක් ඉතිහාසයේ වාර්තා වන්නේ පළමු වරටයි.

මේ සම්බන්ධයෙන් මෙරට පමණක් නොව විදෙස් ක්‍රීඩා විචාරකයින්ගේ ද අවධානය යොමුව ඇති බවක් දක්නට ලැබුණා.

ඒ අතර හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක හේමන්ග් බදානි (Hemang Badani) ද වනවා.

විශේෂයෙන් ඔහු ශ්‍රී ලංකා නවක තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී කිසිදු කණ්ඩායමක් විසින් මිලදී නොගැනීම සම්බන්ධයෙනුයි අදහස් දක්වා ඇත්තේ.

ඒ, සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

ක්‍රීඩකයෙකු මිලදී ගැනීම සදහා කණ්ඩායම් හිමිකරුවන් ක්‍රීඩකයෙකුගෙන් බලාපොරොත්තුවන්නේ කුමක් දැයි ගැටලු සහගත බවයි ඔහු එහිදී පෙන්වා දුන්නේ.

වනිදු හසරංග ඉතා දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු බවත්, අවම තරමින් පළාත් කණ්ඩායමක් හෝ නියෝජනය කිරීමට නොහැකි වූ ක්‍රීඩකයින් මිලියන ගණනින් අලෙවි වී ඇති බවත් හේමන්ග් බදානි සිය ට්විටර් පණිවිඩය ඔස්සේ සදහන් කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...