දිමුත්ගේ සුපිරි 20යි 20 ඉනිම දසුන්ගේ වේගවත් ඉනිම හමුවේ අපතේ යයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අතර අද(20) දිනයේ දී පුහුණු 20යි 20 තරගයක් පැවැත්වුණා.

ඒ, දසුන් ශානකගේ නායකත්වනේ යුත් කණ්ඩායමක් සහ දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් අතරයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දසුන් ශානකගේ කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 194ක් ලබා ගත්තා.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක නොදැවී ලකුණු 62ක් රැස් කළේ පන්දු 27කට පමණක් මුහුණ දෙමින්.

ඊට හයේ පහර 4ක් සහ හතරේ පහර 6ක් ඇතුළත්.

දිනේෂ් චන්දිමාල් ලකුණු 55ක් සහ පැතුම් නිස්සංක ලකුණු 41ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ළහිරු කුමාර ලකුණු 35කට කඩුලු 2ක් බිද හෙලූ අතර, ලක්ෂාන් සදකැන් සහ විශ්ව ප්‍රනාන්දු අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිමුත්ගේ කණ්ඩායමට කඩුලු 8ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 175ක් පමණයි.

දිමුත් කරුණාරත්න පන්දු 53කින් වේගවත් ලකුණු 89ක් ලබා ගත්තා. (4×14, 6×1)

අශේන් බණ්ඩාර ලකුණු 41යි.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර ලකුණු 23කට කඩුලු 4ක් දවා ගත්තා.

නුවන් ප්‍රදීප් ලකුණු 19කට කඩුලු 2ක් සහ වනිදු හසරංග ලකුණු 39කට එක් කඩුල්ලක් බිද හෙලුවා.

ඒ අනුව මෙම තරගයෙන් දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට ලකුණු 19ක ජයක් හිමි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...