ඓතිහාසික ටෙස්ට් තරගාවලිය සදහා කොදෙව්වන් එංගලන්තයට පැමි‍ණෙයි

Date:

තරග 3කින් යුත් ඓතිහාසික ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද එංගලන්තය වෙත පැමිණියා.

ඔවුන් මැන්චෙස්ටර් නුවරට ළගා වී ඇති අතර, එහිදී සියලු ක්‍රීඩකයින් Old Trafford ක්‍රීඩාංගනයේ දී සති 3ක කාලයක් නීරෝධායන ක්‍රියාවලියකට සහ පුහුණුවීම් සදහා එක් වනු ඇති.

මාර්තු මාසයේ දී කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රට වසා දැමීමට ගත් ක්‍රියාදාමයෙන් අනතුරුව එංගලන්තයට පැමිණි පළමු ක්‍රීඩා කණ්ඩායම වන්නේ කොදෙව් කණ්ඩායමයි.

ජූනි 4 වනදා දෙරට අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට නියමිතව තිබුණ ද වසංගත තත්ත්වය හේතුවෙන් එය ජූලි 8 වනදා දක්වා කල් දැමුණා.

ඇන්ටිගුවා සිට මැන්චෙස්ටර් වෙත පැමිණීමට පෙර 39 දෙනෙකුගෙන් යුත් කොදෙව් සාමාජිකයින් (ක්‍රීඩකයින් 25 දෙනා සමග) සියලු දෙනා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර තිබූ අතර, එහිදී ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.

නීරෝධායන කාලසීමාවේ දී ද ඔවුන් යළි වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතයි.

අනතුරුව කොදෙව්වන් පළමු ටෙස්ට් තරගය වෙනුවෙන් සවුත්හැම්ටන් වෙත යාමට නියමිත අතර, පසුව යළි මැන්චෙස්ටර් වෙත පැමිණෙන්නේ දෙවැනි සහ තෙවැනි ටෙස්ට් තරග ක්‍රීඩා කිරීම සදහායි.

මෙම ක්‍රීඩාංගන ද්විත්වයම හෝටල් කාමර පහසුකම්වලින් ද සමන්විතයි.

කොරෝනා වසංගත අර්බුදය හමුවේ ක්‍රිකට් ක්‍රීඩාව ලොව පුරා තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනීමෙන් පසුව ආරම්භ වන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ද මෙම තරගාවලිය වනු ඇති.

ECB
ECB
ECB

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...