1996 ලෝක ශුරතාවයේ 25 වන සැමරුම වෙනුවෙන් ක්‍රිකට් තරගයක්

Date:

1996 ලෝක ක්‍රිකට් ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සැමරුම් ක්‍රිකට් තරගයකට එක්වීමට නියමිතව තිබෙනවා.

ඒ, ලෝක ශූරතාවය ජයග්‍රහනය කර වසර 25ක් සපිරීම නිමිත්තෙන්.

මාර්තු 26 – 28 අතර මෙම තරගය යාපනය ක්‍රිකට් කණ්ඩායමකට එරෙහිව යාපනයේ දී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව 1996 වසරේ මාර්තු 17 වනදා ඔස්ට්‍රේලියාව පරාජයට පත් කරමින් ලෝක ශූරතාවය දිනා ගත් අතර, එළඹෙන මාර්තු 17 වනදා ද ඊට සමගාමීව සැමරුම් උත්සව සංවිධාන කර තිබෙනවා.

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත මෙවර “Road Safety World Series” තරගාවලියට 1996 ලෝක කුසලානය ජය ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහභාගී නොවීමට තීරණය කර ඇති බව මීට පෙර වාර්තා වුණා.

මෙරට සංවිධාන කර ඇති විවිධ සැමරුම් උත්සව සදහා සහභාගී වීමේ අරමුණින් ඔවුන් අදාළ තරගාවලියට එක් නොවන බවටයි වාර්තා වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...