අශ්වින් පහට – පෙරමුණේ සිටි ස්ටොක්ස් 3ට ඇද වැටෙයි – නවතම ශ්‍රේණිගත කිරීම් මෙන්න

Date:

ඉන්දීය දග පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් නවතම ටෙස්ට් ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හි 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ, එංගලන්තය සමග නිමා වූ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඔහු තුන් ඉරියව්වෙන් දැක් වූ දක්ෂතා හේතුවෙන්.

එම තරගයේ දී ඔහු කඩුලු 8ක් දවා ගත් අතර, ඉන්දීය දෙවන ඉනිමේ දී ශතකයක් ද රැස් කළා.

ඒ අනුව ඔහු පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 81 වන ස්ථානය දක්වා ද ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 14කින්.

පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි අශ්වින් තවදුරටත් රැදී සිටින්නේ 7 වන ස්ථානයේ යි.

මේ අතර, පළමු ඉනිමේ දී ලකුණු 161ක් ලබා ගත් රෝහිට් ෂර්මා පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 14 වන ස්ථානය දක්වා ස්ථාන 9කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

පළමු ඉනිමේ දී පිත්තෙන් දක්ෂතා දැක් වූ රිෂාබ් පාන්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 11 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

එංගලන්තයේ ජැක් ලීච් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 31 වන ස්ථානය දක්වා ස්ථාන 6කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

මේ අතර, මෙතෙක් තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පෙරමුණේ රැදී සිටි බෙන් ස්ටොක්ස්ට මේ වන විට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...