රසල් ආනල්ඩ් යළි ක්‍රිකට් පිටියට පිවිසෙයි

Date:

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු වන රසල් ආනල්ඩ් යළි ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කරන අයුරු දැක ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට උදා වී තිබෙනවා.

ඒ, මාර්ග ආරක්ෂාව ප්‍රවර්දනය කිරීමේ අරමුණින් සංවිධාන කෙරෙන “Road Safety World Series T20” තරගාවලියේ දී යි.

මෙහි පළමු අදියර පසුගිය වසරේ මාර්තු මාසයේ දී ආරම්භ වූ නමුත්, තරග 4ක් පැවැත්වීමෙන් අනතුරුව තරගාවලිය අත්හිටුවීමට කටයුතු කෙරුණා.

ඒ, කොරෝනා වසංගතය හේතුවෙන්.

ඒ අනුව එම අදියරේ ඉතිරි තරග ලබන මාර්තු 2 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වීමටයි මේ වන විට සැලසුම් කර ඇත්තේ.

ඉන්දියාවේ රායිපූර්හී දී තරගාවලිය පැවැත්වෙනු ඇති.

ඊට ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන රටවල්හි විශ්‍රාමගත් ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් එක් වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...