ශකිබ්ට පීතෘ නිවාඩු අනුමත වෙයි

Date:

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ට පීතෘ නිවාඩු අනුමත කිරීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එළඹෙන නවසීලන්ත තරග සංචාරය සදහා ඔහු එක් නොවන බවයි එරට ක්‍රිකට් ආයතනය කියා සිටියේ.

බංග්ලාදේශ කණ්ඩායම ලබන 24 වනදා නවසීලන්තය බලා පිටත්ව යෑමට නියමිත අතර, එහිදී එක්දින සහ 20යි 20 තරග 3 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

අදාළ තරග සංචාරය සදහා වන තේරීම්වලට තමාව නොසලකන ලෙසට ශකිබ් අල් හසාන් විසින් පසුගියදා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබුණා.

ඒ, ඔහුගේ බිරිද ඔවුන්ගේ තෙවන දරු උපත වෙනුවෙන් සූදානමින් සිටින බැවින්.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයේ දී ආබාධයකට ලක්වීම නිසා ශකිබ් අල් හසාන් මේ වන විට පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සදහා ද ක්‍රීඩා කරන්නේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...