ආචර්ට දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි

Date:

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර්ට අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ දකුණු වැලමිට ප්‍රදේශයේ සිදුව ඇති ආබාධයක් හේතුවෙන්.

පළමු ටෙස්ට් තරගයේ දී ඔහු මෙම ආබාධයට ගොදුරු වී ඇති අතර, ඒ හේතුවෙන් ඔහුට එන්නත් කිරීමක් ද සිදු කර ඇති බව සදහන්.

තෙවැනි ටෙස්ට් තරගය සදහා ජොෆ්ර ආචර්ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වනු ඇති බවටයි එංගලන්ත ක්‍රිකට් ආයතනය විශ්වාසය පල කරන්නේ.

දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය හෙට(13) චෙන්නායි හී දී ආරම්භ වීමට නියමිත අතර, ඉතිරි ටෙස්ට් තරග 3 සදහා ජොස් බට්ලර් ද ක්‍රීඩා නොකරන බව එරට ක්‍රිකට් ආයතනය මීට පෙර ප්‍රකාශ කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...