පාකිස්තානයට ලකුණු 3ක තියුණු ජයක්

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

ලාහෝර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි පාකිස්තානය නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6ක් දැවී ලකුණු 169ක් ලබා ගනිමින්.

ඊට ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් රැස් කළ සුපිරි ශතකය ද ඇතුළත්.

ඔහු පන්දු 64කින් නොදැවී ලකුණු 104ක් රැස් කළේ හයේ පහර 7ක් සහ හතරේ පහර 6ක් සමගින්.

නායක බබාර් අසාම් පළමු පන්දුවෙන්ම දුවද්දී දැවී යාම විශේෂත්වයක්.

පන්දු යැවීමේ දී ඇන්ඩිල් පෙහ්ලුක්වායෝ (Andile Phehlukwayo) කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 166ක් පමණයි.

රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 54ක් සහ Janneman Malan ලකුණු 44ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී හැරිස් රවුෆ් හා උස්මාන් කාදීර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ මොහොමඩ් රිස්වාන්.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලියේ දෙවන තරගය එළඹෙන 13 වනදා ලාහෝර්හී දී ම පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...