ඉන්දියාවට එරෙහි 20යි 20 සංචිතයට ලිවින්ග්ස්ටෝන් සහ බට්ලර් කැදවයි

Date:

ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතය අද(11) ප්‍රකාශයට පත් කෙරුණා.

ඉයන් මෝර්ගන්ගේ නායකත්යෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඉන්දියාවට එරෙහි අවසන් ටෙස්ට් තරග 3 සදහා ක්‍රීඩා නොකරන ජොස් බට්ලර් 20යි 20 සංචිතයට නම් කර ඇති බව සදහන්.

2017 වසරෙන් පසුව මෙතෙක් 20යි 20 ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර නොමැති 27 හැවිරිදි ලියම් ලිවින්ග්ස්ටෝන් මෙම සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

බිග් බෑෂ් තරගාවලියේ දී වැඩිම ලකුණු ලාභියා ලෙස තරගාවලිය නිමා කළ ඇලෙක්ස් හේල්ස්ට මෙම සංචිතයේ ද ඉඩක් වෙන්ව නැහැ.

ජොෆ්ර ආචර්, ජොනී බෙයාර්ස්ටව් සහ බෙන් ස්ටොක්ස් සංචිතයට නම් කර ඇතත්, ටෙස්ට් නායක ජෝ රූට් මෙම 20යි 20 තරගාවලියට ද නම් කර නොමැති බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය මාර්තු 12 වනදා අහ්මදාබාද්හීදී ආරම්භ වීමට නියමිතයි.

England Squad:

Eoin Morgan (c), Moeen Ali , Jofra Archer , Jonathan Bairstow , Sam Billings , Jos Buttler , Sam Curran , Tom Curran , Chris Jordan , Liam Livingstone , Dawid Malan , Adil Rashid , Jason Roy , Ben Stokes , Reece Topley , Mark Wood .

Reserves:

Jake Ball , Matt Parkinson

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...