කොදෙව්වන් 223/5 – Day 1 Report

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (11) මීර්පූර්හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොදෙව්වන් පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව දිනය නිමා වන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 223ක් ලබා සිටියා.

Nkrumah Bonner නොදැවී ලකුණු 74ක් ලබා සිටින්නේ හතරේ පහර 6ක සමගින්.

නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ලකුණු 47ක් සහ ජෝන් කැම්ප්බෙල් ලකුණු 36ක් රැස් කළා.

පන්දු යැවීමේ දී අබු ජයිඩ් (Abu Jayed) සහ ටයිජුල් ඉස්ලාම් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් වාර්තාගත ජයක් හිමි කර ගත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...