තුන්කොන් තරගාවලියක් ගැන බංග්ලාදේශයෙන් ඉගියක්

Date:

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ලබන සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවලදී බංග්ලාදේශයේ තරග සංචාරයක නිරත වන බව එරට ක්‍රිකට් ආයතනය පවසනවා.

එහිදී ඔස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට එරෙහිව බංග්ලාදේශය පන්දුවාර 20යි 20 තරග 3 බැගින් වන තරගාවලි දෙකක් ක්‍රීඩා කරනු ඇති.

2021 ලෝක කුසලාන පන්දුවාර 20යි 20 තරගාවලියට පෙරහුරුවක් වශයෙන් මෙම තරගාවලි පැවැත්වීමට නියමිතයි.

මීට පෙර නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව බංග්ලාදේශයට එරෙහි තරග දෙක බැගින් වූ ටෙස්ට් තරග සංචාර කොරෝනා වංසගතය හේතුවෙන් කල් දැමීමට ද කටයුතු කළා.

මේ අතර, ඔස්ට්‍රේලියාවට එරෙහි තරගාවලියෙන් පසුව එංගලන්ත කණ්ඩායම ද එක්දින සහ 20යි 20 තරග 3 බැගින් වන තරගාවලි දෙකක් ක්‍රීඩා කිරීම වෙනුවෙන් බංග්ලාදේශයට පැමිණීමට නියමිත බව සදහන්.

ඇතැම් විට බංග්ලාදේශය, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තුන්කොන් තරගාවලියක් සංවිධාන කිරීමට ඉඩ ඇති බවයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරීවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...