“Road Safety World Series T20” තරගාවලියට දින නියම වෙයි

Date:

මාර්ග ආරක්ෂාව ප්‍රවර්දනය කිරීමේ අරමුණින් සංවිධාන කළ “Road Safety World Series T20” ක්‍රිකට් තරගාවලිය යළි පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

මෙහි පළමු අදියර පසුගිය වසරේ මාර්තු මාසයේ දී ආරම්භ වූ නමුත්, තරග 4ක් පමණක් පැවැත්වීමෙන් අනතුරුව තරගාවලිය අත්හිටුවීමට සිදු වූයේ කොරෝනා වසංගතය හේතුවෙන්.

ඒ අනුව එම අදියරේ ඉතිරි තරග ලබන මාර්තු 2 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඉන්දියාවේ රායිපූර්හී දී තරගාවලිය පැවැත්වෙනු ඇති.

ඊට ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන රටවල්හි විශ්‍රාමගත් ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් එක් වනවා.

සචින් ටෙන්ඩුල්කාර්, මුත්තයියා මුරලිදරන්, බ්‍රයන් ලාරා, විරේන්දර් ෂෙවාග්, තිලකරත්න ඩිල්ෂාන් වැනි සුපිරි ක්‍රීඩකයින් තරගාවලියට එක් වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...