ඉන්දියාවට දැවැන්ත ඉලක්කයක් – එංගලන්තය ජයග්‍රහනයට කඩුලු 9ක් පිටුපසින්

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර චෙන්නායිහි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අද(8) නිමා වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු එංගලන්තය දෙසට නතු කරමින්.

දිනය නිමා වන විට ලකුණු 420 දැවැන්ත ඉලක්කයක් සිය දෙවැනි ඉනිමේ දී හඹා යමින් සිටි ඉන්දියාව එක් කඩුල්ලක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 39ක්.

රෝහිට් ෂර්මා ලකුණු 12කට දැවී ගියේ ජැක් ලීච්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

ෂුබ්මන් ගිල් ලකුණු 15ක් සහ චෙටස්වර් පුජාරා ලකුණු 12ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දීය කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 337 කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

රිෂාබ් පාන්ට් ලකුණු 91ක් සහ චෙටස්වර් පුජාරා ලකුණු 73ක් ලබා ගත් අතර, වොෂින්ටන් සුන්දර් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 85ක්.

ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ජස්ප්‍රිට් බුම්රා ලකුණු නොලබා දැවී ගියේ බෙන් ස්ටොක්ස්ගේ සුපිරි උඩ පන්දු රැක ගැනීමක් හමුවේයි.

පන්දු යැවීමේ දී ඩොම් බෙස් කඩුලු 4ක් බිද හෙලූ අතර, ජොෆ්ර ආචර්, ජේම්ස් ඇන්ඩර්සන් සහ ජැක් ලීච් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

අනතුරුව සිය දෙවන ඉනිම ආරම්භ කළ එංගලන්තයට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 178ක් පමණයි.

නායක ජෝ රූට් ලකුණු 40ක්, ඔලී පෝප් ලකුණු 28ක් සහ ඩොම් බෙස් ලකුණු 25ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළ අතර, පන්දු යැවීමේ දී සුවිශේෂී පන්දු යැවීමක් සනිටුහන් කරමින් රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 6ක් දවා ගත්තේ සිය ටෙස්ට් දිවියේ ඉනිමක කඩුලු 5 බැගින් ලබා ගත් 28 වැනි අවස්ථාව සනිටුහන් කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 578ක්.

ඒ අනුව තරගය ජය ගැනීමට නම් හෙට දිනයේ දී පන්දුවාර 90ක් තුළ ඉන්දියාව ලකුණු 381ක් ලබා ගත යුතු අතර, එංගලන්තය කඩුලු 9ක් දවා ගත යුතුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...