කොදෙව් සංචාරය කල් යන ලකුණු

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය කල් යාමේ අවධානමක් මේ වන විට මතුව තිබෙනවා.

ඒ, ශ්‍රීලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර්ට සහ මුල් පෙළ පිතිකරුවෙකු වන ළහිරු තිරිමාන්නට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමගයි.

කොදෙව් තරග සංචාරය සදහා නම් කෙරුණු ක්‍රීඩකයින් 36 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා මූලික සංචිතයට අයත් ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩලය සදහා පසුගියදා (2) සිදු කෙරුණු PCR පරීක්ෂණයේ දී ඔවුන් දෙදෙනාට වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගැණුනා.

අදාළ ක්‍රීඩකයින් 36 දෙනා පසුගිය 28 වනදා සිට කණ්ඩායම් 3ක් වශයෙන් වෙන වෙනම පුහුණුවීම් කටයුතු ආරම්භ කළා.

කොදෙව් සංචාරය ලබන 20 වනදා ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

නමුත් මේ වන විට පවතින තත්ත්වය සළකා බලා කොදෙව් තරග සංචාරය යළි සංශෝදිත කාලසටහනක් යටතේ පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බවයි එම ආයතනය නිකුත් කළ නිවේදනයක සදහන් වුණේ.

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...