WTC : නවසීලන්තය අවසන් තරගයට – ඉන්දියාව, ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතරත් තියුණු සටනක්

Date:

පළමු වරට සංවිධාන කර ඇති අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම සදහා  නවසීලන්ත කණ්ඩායමට මේ වන විට වැඩි අවස්ථාවක් උදා වී තිබෙනවා.

ඒ, ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ එළඹෙන දකුණු අප්‍රිකා ටෙස්ට් තරග සංචාරය කල් දැමීමට තීරණය කිරීමත් සමගයි.

ඒ අනුව අදාළ ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට පෙර පැවැත්වීමට නොහැකි වුවහොත්, තරගාවලියේ අවසන් තරගය සදහා නවසීලන්තය සුදුසුකම් ලබනු ඇති.

ඔවුන් සමග අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් මේ වන විට ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර සටනක් නිර්මාණය වී තිබෙනවා.

පවතින තත්ත්වය අනුව එළඹෙන ඉන්දු – එංගලන්ත ටෙස්ට් තරගාවලියේ ප්‍රතිපලය මත ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් තරගයට ක්‍රීඩා කරන අනෙක් කණ්ඩායම තීරණය වනු ඇති.

ඒ අනුව ඉන්දියාවට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමටනම්, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තරග 4කින් යුත් ඉන්දු – එංගලන්ත ටෙස්ට් තරගාවලියෙන් ඉන්දීය කණ්ඩායම තරග 2-0, 2-1, 3-0, 3-1 හෝ 4-0ක් ලෙස ජය ගත යුතුයි.

එංගලන්තය අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමටනම් ඔවුන් අදාළ ටෙස්ට් තරගාවලිය තරග 3-0, 3-1 හෝ 4-0ක් ලෙස ජය ගත යුතු වනවා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමටනම් ඉන්දු – එංගලන්ත ටෙස්ට් තරගාවලිය ඉන්දියාව තරග 1-0 ලෙස හෝ එංගලන්තය තරග 1-0ක්, 2-0ක් හෝ 2-1 ක් ලෙස ජය ගත යුතුයි.

එමෙන්ම අදාළ ටෙස්ට් තරගාවලිය තරග 0-0ක්, 1-1ක් හෝ 2-2ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුවහොත් ද ඔස්ට්‍රේලියාවට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමිවනු ඇති.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී මෙම වසර මැද දී පැවැත්වීමට නියමිතයි.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ වත්මන් ප්‍රසාද ලකුණු සටහන –

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...