කොදෙව්වන්ට එරෙහි ශ්‍රී ලංකා සංචිතය 5 වනදා නම් කෙරේ

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සදහා වන සංචිත, ඉදිරියේදී පත් කිරීමට නියමිත නව තේරීම් කමිටුව විසින් නම් කිරීමට නියමිතව තිබෙනවා.

ලබන 5 වනදා එම නම් කිරීම සිදු කරන බවයි ඩේලි එෆ්.ටී. වාර්තා කර ඇත්තේ.

පෙර පැවැති තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයින් 35 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් අදාළ තරග සංචාරය වෙනුවෙන් නම් කර තිබුණා.

ඔවුන් ඊයේ(1) දිනයේ සිට පුහුණුවීම් ද ආරම්භ කළ බව සදහන්.

කෙසේ වෙතත්, සීමිත පන්දුවාර තරග සදහා සහභාගී වන ක්‍රීඩකයින් මීට පෙර සිටම එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී කොදෙව් තරග සංචාරය වෙනුවෙන් පුහුණුවීම් කටයුතු ආරම්භ කර තිබුණා.

ඇතැම් ක්‍රීඩකයින් සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් මේ වන විට පසු නොවීම ද ගැටලුකාරී තත්ත්වයක් බවට පත්ව තිබෙනවා.

කොදෙව් තරග සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...