ක්‍රිකට් ක්‍රීඩක වැටුප් 40% කින් කැපේ

Date:

කොන්ත්‍රාත්ගත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් 40%කින් කප්පාදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

Sunday Island පුවත්පත වාර්තා කර ඇත්තේ නිමා වූ තරගවලදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැක් වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් මෙම පියවර ගැනීමට ක්‍රිකට් බළධාරීන් සාකච්ඡා කරමින් සිටින බවයි.

දක්ෂතා මත පදනම් වූ දීමනා ලබා දීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා යෝජනා කර ඇති පසුබිමකයි ක්‍රිකට් බළධාරීන් මෙලෙස වැටුප් කප්පාදුවකට සූදානම් වන්නේ.

ඒ අනුව අමෙරිකානු ඩොලර් 120,000ක වාර්ෂික කොන්ත්‍රාත්තුවකට හිමිකම් කියන ක්‍රීඩකයෙකුගේ කොන්ත්‍රාත් වටිනාකම අමෙරිකානු ඩොලර් 70,000 දක්වා පමණ පහළ යනු ඇති.

මීට අමතරව ටෙස්ට් තරගයක් සදහා ඩොලර් 7,500ක මුදලක් ද , එක්දින තරගයක් සදහා ඩොලර් 4000 ක මුදලක් ද, 20යි 20 තරගයක් සදහා ඩොලර් 2000 ක මුදලක් ද ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයින්ට ගෙවනු ලබනවා.

තරග ගාස්තු ජයග්‍රහනවලදී දෙගුණයකින් ඉහළ නැංවීම සම්බන්ධයෙන් ද මේ වන විට අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...