අබුඩාබි T 10 ලීගය අදින් ඇරඹේ

Date:

අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලිය අද(28) ආරම්භ වනවා.

මෙවර තරගාවලිය අද සිට ලබන 6 වනදා දක්වා අබුඩාබි හි Sheikh Zayed ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය සදහා කණ්ඩායම් 8ක් තරග වදින අතර, පැවැත්වීමට නියමිත සමස්ත තරග සංඛ්‍යාව 29ක්.

සිව්වන වරට මෙවර පැවැත්වෙන අබුඩාබි T10 ලීග් තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 4ක්.

එනම් කෙවින් කොත්තිගොඩ (මරාත ඇරබියන්ස්), මතීෂ පතිරණ (Bangla Tigers), මහේෂ් තීක්ෂණ සහ ධනංජය ලක්ෂාන් (Northern Warriors) යන ක්‍රීඩකයින්.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ඉතා කාර්ය බහුල තරග කාලසටහනක් මෙම වසරේ දී පවතින බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයින් රැසකට අදාළ තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා අවසර ලබා දුන්නේ නැහැ.

අබුඩාබි T10 ලීග් තරගාවලියේ පළමු තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 5.30ට මරාත ඇරබියන්ස් සහ නොදන් වොරියර්ස් යන කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

දිනයේ දෙවැනි තරගය රාත්‍රී 7.45ට ද, තෙවැනි තරගය රාත්‍රී 10ට ද ආරම්භ වනු ඇති.

දෙවැනි තරගය පැවැත්වෙන්නේ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් සහ පූනේ ඩෙවිල්ස් යන කණ්ඩායම් අතරයි.

තෙවැනි තරගය බංග්ලා ටයිගර්ස් සහ දිල්ලි බුල්ස් යන කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...