අබ්දුර් රසාක් තේරීම් කමිටුවට

Date:

බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව සදහා එරට හිටපු දග පන්දු යවන ක්‍රීඩක අබ්දුර් රසාක් පත් කර තිබෙනවා.

පසුගිය මාර්තු මාසයේ දී ඔහු තේරීම් කමිටුවට නම් කිරීමට අවධානය යොමුව තිබූ නමුත්, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඔහුගේ පත් කිරීම කල් දැමීමටයි සිදු වුණේ.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ බළධාරීන් අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති රැස්වීමකදී මෙම පත් කිරීමට අවසර ලබා දුන් බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

තමා ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බවට අබ්දුර් රසාක් විසින් මෙතෙක් නිවේදනය කර නොමැති පසුබිමක ඔහු තේරීම් කමිටුවට පත් කර තිබීම ද විශේෂත්වයක්.

මේ වන විට බංග්ලාදේශ තේරීම් කමිටු සාමාජිකයින් ලෙස Minhajul Abedin සහ Habibul Bashar කටයුතු කරනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...