එකම කාලයක දී ඔස්ට්‍රේලියාව ටෙස්ට් සහ 20යි 20 තරගාවලික – සංචිත මෙන්න

Date:

තරග 3කින් යුත් එළඹෙන දකුණු අප්‍රිකා ටෙස්ට් තරග සංචාරය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම සංචිතයෙන් මැතිව් වේඩ් ඉවත් කර ඇති අතර, ඔහු වෙනුවට ඇලෙක්ස් කෙරී සංචිතයට ආදේශ කළ බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ටිම් පේන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 19 දෙනෙකු ඇතුළත්.

කෙසේ වෙතත්, අදාළ ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන කාලසීමාවේ දී ම ඔස්ට්‍රේලියානු කණ්ඩායම නවසීලන්ත තරග සංචාරයක ද නිරත වීමට නියමිතව ඇත්තේ තරග 5කින් යුත් 20යි 20 තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහායි.

ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය ජස්ටින් ලැන්ගර්ගේ පුහුණුකාරීත්වය යටතේ ද, 20යි 20 සංචිතය ඇන්ඩෘ මැක්ඩොනල්ඩ්ගේ පුහුණුකාරීත්වය යටතේ ද, අදාළ තරගාවලි සදහා ක්‍රීඩා කරනු ඇති.

ඇලෙක්ස් කෙරීට අමතරව තවත් ටෙස්ට් වරම් නොලැබූ ක්‍රීඩකයින් සිව් දෙනෙකු වන ශෝන් ඇබොට්, මයිකල් නෙසර්, මිචෙල් ස්ව්ප්සන් සහ මාර්ක් ස්ටෙක්ටී (Mark Steketee) ද ටෙස්ට් සංචිතයට නම් කර තිබෙනවා.

20යි 20 තරගාවලිය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලබන 7 වනදා නවසීලන්තය බලා පිටත්ව යන නමුත්, දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය පවත්වන ආකාරය පිළිබද මෙතෙක් අවසන් තීරණයකට එළඹ නැහැ.

Test squad – Tim Paine (c), Pat Cummins, Sean Abbott, Alex Carey, Cameron Green, Marcus Harris, Josh Hazlewood, Travis Head, Marnus Labuschagne, Moises Henriques, Nathan Lyon, Michael Neser, James Pattinson, Will Pucovski, Steve Smith, Mitchell Starc, Mark Steketee, Mitchell Swepson, David Warner.

T20I squad – Aaron Finch (c), Matthew Wade, Ashton Agar, Jason Behrendorff, Mitchell Marsh, Glenn Maxwell, Ben McDermott, Riley Meredith, Josh Philippe, Jhye Richardson, Kane Richardson, Daniel Sams, Tanveer Sangha, D’Archy Short, Marcus Stoinis, Ashton Turner, Andrew Tye, Adam Zampa.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...