ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක්

Date:

ශ්‍රී ලංකාව සමග පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ, අද ගාල්ලේ දී නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයෙන් ඔවුන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 344ක් ලබා ගත්තා.

අනතරුව සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකාවට සාර්ථක පිතිහරඹයක නිරත වීමට එංගලන්ත දග පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැනැ.

ඒ අනුව ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 126කට සීමා වුණා.

ආරක්ෂාකාරී පිතිහරඹයක නිරත වීම වෙනුවට ආක්‍රමණකාරී පිතිහරඹයක නිරත වීම තුළින් ශ්‍රී ලංකා පිතිකරුවන් ප්‍රතිවාදීන්ට කඩුලු පූජා කරන අයුරු මෙම ඉනිමේ දී දැකගත හැකි වූ කැපී පෙනෙන සිදුවීමක්.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 40කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ඩොම් බෙස් සහ ජැක් ලීච් කඩුලු 4 බැගින් බිද හෙලූ අතර, ජෝ රූට් කඩුලු 2ක් දවා ගත්තා.

අනතුරුව ලකුණු 164ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්තය සිය දෙවැනි ඉනිමේ දී කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඩොම් සිබ්ලි නොදැවී ලකුණු 56ක් සහ ජොස් බට්ලර් නොදැවී ලකුණු 46 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 3ක් බිද හෙලූ අතර, ඔහු මෙම තරගයේ දී බිද හෙලූ කඩුලු සංඛ්‍යාව 10ක්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 381ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...