T 10 ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගණන ඉහළට

Date:

අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 4ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

ඒ, කෙවින් කොත්තිගොඩ ද තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා මරාත ඇරබියන්ස් කණ්ඩායම විසින් තෝරා ගැනීමත් සමගයි.

පසුගිය වසරේ දී ඔහු බංග්ලා ටයිගර්ස් කණ්ඩායමයි නියෝජනය කළේ.

ඔහුට අමතරව මතීෂ පතිරණ (Bangla Tigers), මහේෂ් තීක්ෂණ සහ ධනංජය ලක්ෂාන් (Northern Warriors) යන ක්‍රීඩකයින් ද මෙවර තරගාවලිය සදහා ක්‍රීඩා කරනු ඇති.

ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ඉතා කාර්ය බහුල තරග කාලසටහනක් මෙම වසරේ දී පවතින බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතනය විසින් ක්‍රීඩකයින් රැසකට අදාළ තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා අවසර ලබා දී නැහැ.

මෙවර අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන 28 වනදා සිට පෙබරවාරි 6 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...