මානසිකව ඇදදමමින් බෙයාර්ස්ටොව් දවා ගැනීමට දික්වැල්ල දායක වූ හැටි

Date:

නිරෝෂන් දික්වැල්ල යනු මේ වන විට පුවත් මවන ක්‍රීඩකයෙකු බවට පත්ව අවසන්.

පිතිකරණයෙන් පමණක් නොව කඩුල්ල පිටුපස සිට හඩ නගමින් ඔහු පවසන දේ තුළින් බොහා් දෙනෙකුගේ අවධානය ඔහු වෙත යොමුව තිබෙනවා.

එවැනි සුවිශේෂී අවස්ථාවක් ඊයේ දිනයේ දී ද සිදු වූ අතර, අද පෙරවරුවේ දී ද එවැනි සිදුවීමක් දැක ගත හැකි වුණා.

ඒ, එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනයේ දී යි.

එහිදී පන්දුවට පහර දෙමින් සිටි ජොනී බෙයාර්ස්ටොව්ට දික්වැල්ල විසින් විවිධ දෑ සදහන් කරමින් ඔහුව මානසිකව ඇදදැමීමට උත්සාහ දරන බවක් දක්නට ලැබුණා.

මෙවැනි සිදුවීම් ක්‍රිකට් පිටියේ සාමාන්‍යයෙන් සිදු වන බව නොරහසක්.

අද දිනයේ දී නිරෝෂන් දික්වැල්ල විසින් ඔහුට පවසනු ලැබුවේ එළඹෙන ඉන්දීය තරග සංචාරයේ පළමු තරග දෙකෙන් ජොනී බෙයාර්ස්ටොව් විවේක ගැන්වීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙනුයි.

“ඊට හේතුව කුමක්ද? ඔහු නායකයාගෙන් පසුව කණ්ඩායමේ දක්ෂම ක්‍රීඩකයාය.” වැනි වදන් රැසක් දික්වැල්ල විසින් දිගින් දිගටම කඩුල්ල පිටුපස සිට පවසනු දැක ගත හැකි වුණා.

විශේෂත්වය වූයේ එම ප්‍රකාශයන් සිදු කරන අතරවාරයේ දී ම ලසිත් ඇඹුල්දෙණිය යවනු ලැබූ පන්දුවක් හමුවේ බෙයාර්ස්ටොව් දැවී යාමයි.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...