නිරෝෂන් දික්වැල්ල සංගක්කාරට පමණක් දෙවැනි වෙයි

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසාන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට සමත් වුණේ නිරෝෂන් දික්වැල්ලයි.

ඔහු පන්දු 144 කට මුහුණ දෙමින් ලබාගත් ලකුණු සංඛ්‍යාව 92 ක්.

ඔහුගේ ඉනිමට හතරේ පහරවල් 10 ක් ඇතුළත්ව තිබුණා.

මේ වන විට නිරෝෂන් දික්වැල්ල ඉනිම් 73කදී රැස්කර ගෙන ඇති ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 2,156 ක්.

ඊට අර්ධ ශතක 16 ක් ඇතුළත්ව ඇතත්, අවාසනාවන්ත ලෙස ඔහු තවමත් ශතකයක් වාර්තා කිරීමට සමත්වී නැහැ.

මෙම ලකුණු සංඛ්‍යාවත් සමගින් ටෙස්ට් පිටියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් වාර්තා කරන ලද කඩුලු රකින පිතිකරුවන් අතර දෙවැනි ස්ථානය දික්වැල්ලට හිමිව තිබෙනවා.

ඒ, ඉනිම් 83 කදී ටෙස්ට් ලකුණු 2,124 ක් ලබාගෙන සිටි ශ්‍රී ලංකා හිටපු කඩුලු රකින ක්‍රීඩක ප්‍රසන්න ජයවර්ධන තෙවන ස්ථානයට ඇදදමින්.

තවමත් ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු රකින පිතිකරුවෙකු ලෙස වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණයක් රැස්කර ඇත්තේ කුමාර් සංගක්කාරයි.

ඔහු කඩුලු රකින පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කළ ඉනිම් 81 කදී රැස්කර ඇති ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 3,117 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...