“සැලසුම තමයි මේ තරගය ජය ගැනීම” : ඇන්ජෙලෝ මැතිව්ස්

Date:

එංගලන්තයට එරෙහිව මේ දිනවල පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය කෙසේ හෝ ජය ගැනීම කණ්ඩායම සතු ප්‍රධානම සැලසුම බව ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් පවසනවා.

ගාල්ලේ පැවැත්වෙන තරගයේ දෙවන දිනය අද(23) නිමා වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තරගය ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීම මෙම අවස්ථාවේ දී නිශ්පල ක්‍රියාවක් බවයි.

එසේ වුවහොත් තරගාවලියේ ජය ද එංගලන්තය සතු වන බැවින් තරගය කෙසේ හෝ ජය ගැනීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන බව ඔහු කියා සිටියා.

තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකාවට මනා අවස්ථාවක් පවතින බවත්, ඒ පිළිබද ලොකු විශ්වාසයක් තමා සතු බවත් මැතිව්ස් සදහන් කළා.

එංගලන්ත ක්‍රීඩකයින් කොපමණ වෙහෙස වුව ද ඔවුන් ඉතා හොදින් පන්දු යැවූ අයුරින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ද ලකුණු ලබා නොදෙමින් තණතීරුවේ සහාය ලැබෙනතුරු හොදින් පන්දු යැවිය යුතු බව මැතිව්ගේ අදහසයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...