එංගලන්තය ලකුණු 283ක් පිටුපසින් – Day 2 Report

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද(23) නිමා වුණා.

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 98ක්.

නායක ජෝ රූට් සිය 50 වැනි අර්ධ ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 67ක් සහ ජොනී බෙයාර්ස්ටොව් නොදැවී ලකුණු 24ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

සැක් ක්‍රව්ලි ලකුණු 5කටත් ඩොම් සිබ්ලි ලකුණු නොලබාත් දැවී ගියා.

දැවී ගිය කඩුලු දෙකම දවා ගැනීමට සමත් වුණේ ලසිත් ඇඹුල්දෙණිය විසින්.

අද දිනය ආරම්භ කරන විට තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව සංඛ්‍යාව 381ක්.

ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 110ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 92ක් රැස් කළ අතර, දිල්රුවන් පෙරේරා ලකුණු 67කට දැවී ගියා.

ALSO READ : ශතකය ආසන්නයේ දැවී ගිය දික්වැල්ල ලෝක වාර්තාවක් සම කරයි

පන්දු යැවීමේ දී ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 40කට කඩුලු 6ක් දවා ගත්තා.

ඒ අනුව එංගලන්තය මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 283ක්.

ALSO READ : එංගලන්තය වසර 26ක් පැරණි වාර්තාවක් සම කරයි

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...