ශ්‍රී ලංකාව 381කට දවා ගනිමින් එංගලන්තය වසර 26ක් පැරණි වාර්තාවක් සම කරයි

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

අද දිනය ආරම්භ කරන විට තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 381ක්.

ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 110ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 92ක් රැස් කළ අතර, දිල්රුවන් පෙරේරා ලකුණු 67කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 40කට කඩුලු 6ක් දවා ගත්තා.

ඒ අනුව 38 හැවිරිදි ඔහු ඉතිහාසගත වුණේ ආසියාවේ දී කඩුලු 5ක් දවා ගත් වයසින් වැඩිම වේග පන්දු යවන්නා ලෙසයි.

මේ අතර, මෙම ඉනිමේ දී දැවී ගිය කඩුලු 10 ම දවා ගත්තේ වේග පන්දු යවන්නන් විසින් වීම ද විශේෂත්වයක්.

එවැනි සිදුවීමක් මෙරට දී වාර්තා වූයේ වසර 26කට පසුවයි.

මීට පෙර 1994 වසරේ දී මහනුවර දී පාකිස්තාන වේග පන්දු යවන්නන් දෙදෙනෙකු වූ වසීම් අක්‍රම් සහ වකාර් යුනිස් ඉනිමේ කඩුලු 10ම බිද දැමීමට සමත්ව තිබුණා.

එමෙන්ම ගාල්ල ක්‍රීඩාංගනයේ දී ඉනිමක කඩුලු 10ම වේග පන්දු යවන්නන් විසින් දවා ගත් පළමු අවස්ථාව ද මෙයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...