මැතිව්ස්ගේ ශතකය ශ්‍රී ලංකාව ස්ථාවර කරයි – Day 1 Report

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද ගාල්ලේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව දිනය නිමා කරන විට ඔවුන් කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 229ක්.

සිය 11 වන ටෙස්ට් ශතකය වාර්තා කළ ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු 107ක් සහ නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 19ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

මැතිව්ස් අද වාර්තා කළේ එංගලන්තයට එරෙහිව රැස් කළ තෙවැනි ශතකය වන අතර, ඔහු ගාල්ලේ දී වාර්තා කළ පළමු ශතකය ද මෙය වනවා.

දිනේෂ් චන්දිමාල් ලකුණු 52යි.

චන්දිමාල් සහ මැතිව්ස් අතර සිව්වන කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 117ක්.

ළහිරු තිරිමාන්න ලකුණු 43කටත්, කුසල් පෙරේරා ලකුණු 6කටත්, ඕෂද ප්‍රනාන්දු ලකුණු නොලබාත් දැවී ගියා.

පන්දු යැවීමේ දී ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 3ක් බිද හෙලුවා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...