දකුණු අප්‍රිකා 20යි 20 නායකත්වය හෙන්රිච් ක්ලාසීන්ට

Date:

පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දී දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පළමු වරට හෙන්රිච් ක්ලාසීන්ට පැවරී තිබෙනවා.

20යි 20 තරගාවලියෙන් පසුව දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගාවලියක් ආරම්භ වන බැවින් මෙම පියවර ගෙන ඇති බව සදහන්.

ක්වෙන්ටන් ඩී කොක්ගේ නායකත්වයෙන් යුත් ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයින්ට කොරෝනා වසංගතයත් සමග පවතින නිරෝධායන මාර්ගෝපදේශ ද අනුගමනය කරමින් යළි සියරට බලා පැමිණීමේ අවස්ථාව ගැටලුවකින් තොරව සකස් කර දීම මෙහි අරමුණයි.

Okuhle Cele, Ryan Rickleton සහ Jacques Snyman යන ක්‍රීඩකයින් පළමු වරට ජාතික සංචිතයට නම් කර තිබෙනවා.

තරග 3කින් යුත් 20යි 20 තරගාවලියේ පළමු තරගය ලබන 11 වනදා ලාහෝර්හී දී පැවැත්වීමට නියමිතයි.

Squad:

Heinrich Klaasen (c), Nandre Burger, Okuhle Cele, Junior Dala, Bjorn Fortuin, Reeza Hendricks, George Linde, Janneman Malan, David Miller, Andile Phehlukwayo, Dwaine Pretorius, Ryan Rickleton, Tabraiz Shamsi, Lutho Sipamla, Jon-Jon Smuts, Pite van Biljon, Glenton Stuurman, Jacques Snyman

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...