තව අවුරුදු 5ක් ඉන්නවනම් කැමතියි ; මුම්බායි රසිකයින්ගේ හදවතේ ඔහු හැමදාමත් ඉදීවි : අම්බානි

Date:

තවත් වසර 5ක පමණ කාලයක් ලසිත් මාලිංග සිය කණ්ඩායමේ වේග පන්දු බලඇණිය ශක්තිමත් කිරීමට රැදී සිටින්නේනම් තමා ඉතාමත් කැමති බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකරු ආකාශ් අම්බානි පවසනවා.

මාලිංග ෆ්රැන්චයිස් ක්‍රිකට් පිටියෙන් (franchise cricket) සමු ගැනීමට තීරණය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

වසර 12ක කාලයක් ලසිත් මාලිංග සිය කණ්ඩායමේ ප්‍රධානම භූමිකාවක කටයුතු කළ බවයි අම්බානි පෙන්වා දෙන්නේ.

“මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුරාවෘත්තයක්.” යනුවෙන් ආකාශ් අම්බානි කියා සිටියා.

“මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ගමනට ඔහු දැක්වූ දායකත්වය මිල කළ නොහැකියි. ඔහු සෑම විටම මුම්බායි ඉන්දියන්ස් රසිකයින්ගේ හදවතේ රැදෙයි. මාලිංග සැමවිටම මුම්බායි ඉන්දියන්ස් පවුලේ සාමාජිකයෙක්.”

ලසිත් මාලිංගගේ අත්දැකීම් සිය කණ්ඩායමට අනාගතයේ දී ලබා ගැනීමේ හැකියාව පවතිනු ඇති බවට ද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකරු ආකාශ් අම්බානි විශ්වාසය පල කරනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...