මාලිංග ෆ්රැන්චයිස් ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ෆ්රැන්චයිස් ක්‍රිකට් පිටියෙන් (franchise cricket) සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ බව ඔහු තම කණ්ඩායම වෙත මෙම මස මුලදී දැනුවත් කළ බවයි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අද(20) නිවේදනය කළේ.

ඒ අනුව මෙවර අයි.පී.එල් තරග වාරය සදහා ඔහු ක්‍රීඩා නොකිරීමට තීරණය කර තිබූ බව සදහන්.

මුම්බායි කණ්ඩායම විසින් මෙවර තරග වාරය සදහා සිය කණ්ඩායමේ රදවා ගන්නා ක්‍රීඩකයින් සහ නිදහස් කරන ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව අද ප්‍රකාශයට පත් කළ අතර, ලසිත් මාලිංග ද නිදහස් කරන ලද නාම ලේඛනයට ඇතුළත්ව තිබුණා.

කෙසේවෙතත්, පසුව නිවේදනයක් නිකුත් කළ මුම්බායි කණ්ඩායම සදහන් කළේ මාලිංග ෆ්රැන්චයිස් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බවට තම කණ්ඩායම දැනුවත් කර ඇති බවයි.

අයි.පී.එල් තරගාවලියේ දෙවැනි අදියරේ සිට ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ අතර, 2018 සහ 2020 යන තරගවාර සදහා පමණක් ඔහු ක්‍රීඩා කළේ නැහැ.

අයි.පී.එල් කඩුලු 170ක් දවා ගෙන ඇති ලසිත් මාලිංග අයි.පී.එල් ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියාද වනවා.

ඔහු මුම්බායි කණ්ඩායම සමග අවස්ථා 4කදී අයි.පී.එල් ශූරතාවය ද දිනා ගත්තා.

මුම්බායි කණ්ඩායම හැරුණු විට ජැමයිකා තලවාස්, ගයානා ඇමසන් වොරියස්, කුල්නා ටයිගර්ස්, රාන්ග්පූර් රයිඩර්ස්, මෙල්බර්න් ස්ටාර්ස් වැනි කණ්ඩායම් සදහා මාලිංග ක්‍රීඩා කර තිබෙනවා.

20යි 20 පිටියේ දෙවැනි වැඩිම කඩුලු ලාභියා වන ලසිත් මාලිංග බිද හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 390ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...