එංගලන්තයට ලකුණු 74ක ඉලක්කයක් – ශ්‍රී ලංකාවෙන් ප්‍රබල අභියෝගයක්

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අද (17) නිමා වුණා.

ඒ වන විට ලකුණු 74ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්තය සිය දෙවැනි ඉනිමේ දී කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 38ක්.

ඩොම් සිබ්ලි ලකුණු 2කටත්,  සැක් ක්‍රව්ලි ලකුණු 8කටත් දවා ගැනීමට ලසිත් ඇඹුල්දෙණිය සමත් වුණා.

පළමු ඉනිමේ දී ද්විත්ව ශතකයක් වාර්තා කළ ජෝ රූට් එක් ලකුණකට දුවද්දී දැවී ගියා.

එංගලන්ත ඉනිමේ පළමු කඩුලු 3 බිද වැටුණේ ලකුණු 14ක් ලබා සිටියදීයි.

තරගය ජය ගැනීම සදහා එංගලන්තය හෙට දිනයේ දී තවත් ලකුණු 36ක් ලබා ගත යුතුයි.

අද දිනය ආරම්භ කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 359ක්.

සිය දෙවන ටෙස්ට් ශතකය වාර්තා කළ ළහිරු තිරිමාන්න ලකුණු 111ක් රැස් කළා.

ඔහුගේ ඉනිමට හතරේ පහර 12ක් ඇතුළත්.

සටන්කාමී ඉනිමක් දියත් කළ ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 71ක් ලබා ගත් අතර, කුසල් පෙරේරා ලකුණු 62යි.

පන්දු යැවීමේ දී ජැක් ලීච් කඩුලු 5ක් දවා ගත් අතර, ඩොම් බෙස් කඩුලු 3ක් බිද හෙලුවා.

ගාල්ලේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලකුණු 135ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු 421ක් ලබා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...