තරගය අතරතුර කාඩ් ගැසූ ක්‍රීඩකයන්ට ජයසූරියගෙන් දැඩි විවේචන

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූයේ ඉතා දුර්වල ක්‍රීඩා විලාශයක්.

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 135කට සීමා වීම එය මොනවට පැහැදිලි කරනවා.

පළමු දිනයේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් තවත් සිදුවීමක් වූයේ තරගය පැවැත්වෙන අතරතුර පළමු තරගයට ක්‍රීඩා නොකරන ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ක්‍රීඩකයින්ගේ විවේකාගාරයේ සිට කාඩ් ක්‍රීඩාවේ නිරත වන දර්ශන පෙළක් වෙතයි.

ඔවුන්ගේ මෙම වගකීම් විරහිත ක්‍රියාකලාපයට සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් ඉතා දැඩි විවේචනයක් එල්ල වනු දැකගන්නට ලැබුණා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන සනත් ජයසූරිය මහතා ද විවේචනාත්මකව අදහසක් දක්වා තිබෙනවා.

සන්ඩේ ටයිම්ස් පුවත්පත වෙතයි ඔහු මෙම අදහස් දැක් වීම සිදු කර ඇත්තේ.

“අපේ අතිරේක ක්‍රීඩකයින් තරඟයේ වැදගත් අවස්ථාවකදී කාඩ් ක්‍රීඩා කරනවා දැකලා මම ඉතාම කණගාටුවට පත් වුණා. මේක කොහොමත් නිවැරදි දෙයක් නෙවේ. ඒ වෙලාවේ ඉතා අයහපත් තත්ත්වයක් තිබුණේ. ක්‍රීඩක විවේකාගාරයෙන් ධනාත්මක සහයෝගයක් අවශ්‍ය වුණ වෙලාවක්. ඔවුන්ගේ හැසිරීම හරියට රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළා වගේ වැඩක්.” යනුවෙන් සනත් ජයසූරිය සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...