ශකිබ් එක්දින සංචිතයට කැදවයි

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් නම් කර තිබෙනවා.

දූෂණ චෝදනාවකට අදාළව ඔහුට එරෙහිව වසරක තරග තහනමක් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් පැනවීමෙන් අනතුරුව ඔහු ක්‍රීඩා කරන පළමු ජාත්‍යන්තර තරගාවලිය මෙය බවට පත් වනු ඇති.

එමෙන්ම කොදෙව්වන්ට එරෙහි මෙම තරගාවලිය කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය මාසයේ දී ජාත්‍යන්තර තරග තාවකාලිකව නතර කිරීමෙන් අනතුරුව බංග්ලාදේශය ක්‍රීඩා කරන පළමු ජාත්‍යන්තර තරගාවලියයි.

හිටපු නායක මෂ්රෆි මොටාසා සහ ශෆියුල් ඉස්ලාම් ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයට ද ඇතුළත් කර තිබුණේ නැහැ.

ශකිබ් සමගින් ටස්කින් අහ්මඩ් සහ රුබෙල් හුසේන් ද එක්දින සංචිතය සදහා කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

එක්දින වරම් නොලැබූ Mahadi Hasan, Hasan Mahmud සහ Shoriful Islam යන තිදෙනා ද ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් එක්දින සංචිතයට නම් කර ඇති බව සදහන්.

ටමිම් ඉක්බාල් බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නායකත්වයට පත් කිරීමෙන් අනතුරුව කණ්ඩායම මුහුණ දෙන පළමු එක්දින තරගාවලිය වන්නේ ද මෙම තරගාවලිය වීම විශේෂත්වයක්.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය එළඹෙන 20 වනදා ඩකාහී දී පැවැත්වීමට නියමිතයි.

Squad:

Tamim Iqbal (C), Shakib Al Hasan, Najmul Hossain, Mushfiqur Rahim, Mohammad Mithun, Litton Das, Mahmudullah, Afif Hossain, Soumya Sarkar, Taskin Ahmed, Rubel Hossain, Taijul Islam, Mustafizur Rahman, Mehidy Hasan, Mohammad Saiffudin, Mahadi Hasan, Hasan Mahmud, Shoriful Islam

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...