“මෙය තමයි මම දැකපු දුර්වලම පිතිකරණය” – පිතිකරණ පුහුණුකරු

Date:

එංගලන්තයට එරෙහිව ගාල්ලේ දී ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් පිතිකරණයේ නිරත වූ ආකාරය, තමා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දුටු දුර්වලම පිතිකරණය බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් පවසනවා.

පළමු දිනයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

“මට එය පැහැදිලි කළ නොහැකියි. මම වසරක පමණ කාලයක් කණ්ඩායමත් සමග ඉන්නවා. මෙය තමයි මම දුටු දුර්වලම පිතිකරණය” යනුවෙන් ඔහු කියා සිටියා.

සියලු පිතිකරුවන් වරද භාර ගත යුතු බව පෙන්වා දුන් ග්‍රාන්ට් ෆ්ලවර් සදහන් කළේ දසුන් ශානකගේ දැවී යාම පමණක් අවාසනාවන්ත දැවී යාමක් වූ බවයි.

සෙසු ක්‍රීඩකයින් තමන් විසින්ම සිය කඩුල්ල දවා ගත් බව ඔහු කියා සිටියා.

ශ්‍රී ලංකා පළමු ඉනිම පුරාවටම පිතිකරුවන් අනවශ්‍ය පහරවල් එල්ල කිරීමට ගොස් දැවී යන අයුරු දැක ගත හැකි වූ අතර, ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 135කට සීමා වුණා.

මේ අතර, එංගලන්ත හිටපු නායකයෙකු සහ විස්තර විචාරකයෙකු වන මයිකල් වෝන් ද ශ්‍රී ලංකා පළමු ඉනිම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...