තෙවැනි වරටත් එක්සත් අරාබි – අයර්ලන්ත එක්දින තරගයක් කල් දැමේ

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ ක්‍රීඩකයින් 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග ඇතිව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ අයර්ලන්තය අතර අද(14) පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරගය ද කල් දැමීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, එම කණ්ඩායමෙන් නව ආසාදිතයින් හදුනා ගෙන නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දෙරට අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන තරග 4කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය පසුගිය 8 වනදා පැවැත්වුණා.

ඒ, ක්‍රීඩකයින් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගෙන තිබූ පසුබිමකයි.

අනතුරුව තවත් ක්‍රීඩකයෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට අණාවරණය වීමත් සමග පසුගිය 10 වනදා පැවැත්වීමට නියමිත වූ දෙවැනි තරගය එළඹෙන 16 වනදා දක්වා කල් දැමුණා.

දෙරට අතර තවත් එක්දින තරගයක් පසුගිය 12 වනදා ද පැවැත්වීමට නියමිතව තිබූ අතර, එය ද අත්හිටුවීමටයි පසුව පියවර ගත්තේ.

ඒ අනුව එක්දින තරගාවලියේ සෙසු තරග පැවැත්වීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් දෙරටේ ක්‍රිකට් ආයතන බළධාරීන් තවදුරටත් සාකච්ඡා සිදු කරමින් සිටින බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...