ජඩේජාට සිව්වන තරගය අහිමි වෙයි

Date:

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට ඔස්ට්‍රේලියාවට එරෙහි සිව්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, අද(11) නිමා වූ තෙවැනි ටෙස්ට් තරගයේ දී ඔහු මුහුණ දුන් ආබාධය හේතුවෙන්.

තරගයේ තෙවැනි දිනයේ දී මිචෙල් ස්ටක් යොමු කළ පන්දුවක් පිතිකරණයේ නිරත වෙමින් සිටියදී රවීන්ද්‍ර ජඩේජාගේ වම් මාපටැගිල්ලෙහි වැදීමෙන් මෙම ආබාධය සිදු වුණා.

ඔහු වෛද්‍ය පරීක්ෂණයක් සදහා රෝහල් ගත කෙරුණු අතර, ඔහුගේ වම් මාපටැගිල්ලෙහි අස්ථි බිදීමක් සිදුව ඇති බවටයි එහිදී අණාවරණය වී ඇත්තේ.

රවීන්ද්‍ර ජඩේජා ඉන්දියාව වෙත පිටව යාමට පෙර සිඩ්නි නුවර දී වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර ද ලබා ගැනීමට නියමිතයි.

මේ වන විටත් කේ.එල්. රාහුල්, මොහොමඩ් ෂාමි සහ උමේෂ් යාදෙව් යන ක්‍රීඩකයින් ද ආබාධවලට ලක්වීම හේතුවෙන් යළි ඉන්දියාව වෙත පිටව ගොස් සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...