නායකත්වයේ ඔටුන්න රූට්ගෙන් බෙන් ස්ටොක්ස්ට

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය එංගලන්ත නායක ජෝ රූට් හට අහිමි වනු ඇති බව වාර්තා වනවා.

ඒ, ඔහුගේ බිරිද සිය දෙවන දරු ප්‍රසූතිය සදහා සූදානම් වීම හේතුවෙන්.

ජූලි මස මුලදී ඇය දෙවන දරු ප්‍රසූතිය සදහා සූදානමින් සිටින අතර, දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ජූලි 8 වනදායි.

ඒ අනුව උප නායක බෙන් ස්ටොක්ස් අදාළ තරගයේ දී බොහෝ විට කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇති.

බෙන් ස්ටොක්ස් මෙතෙක් කිසිදු තරගයකදී එංගලන්ත කණ්ඩායමක නායකත්වය දරා නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...