66 වැනි තරගය වැස්සට සේදෙයි – සන්රයිසස් අවසන් වටයට – දිල්ලි ඉවතට

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 66 වැනි තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව අද(16) අත්හැර දැමීමට විනිසුරුවන් කටයුතු කළා.

මෙම තරගය හයිදරාබාද් හී දී පැවැත්වීමට නියමිතව තිබුණේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම හා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතරයි.

කෙසේ වෙතත්, අඛණ්ඩව ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් තරගය කිසිදු පන්දුවක් ‌නොයවාම අත්හැර දැමීමට සිදු වුණා.

ඒ අනුව මේ වන විට තරග 13 කින් තරග 7 ක් ජය ගෙන අද ලබා ගත් ප්‍රසාද ලකුණත් සමග ප්‍රසාද ලකුණු 15 කට හිමිකම් කියන සන්රයිසස් කණ්ඩායම මෙවර තරගාවලියේ අවසන් වටයට සුදසුකම් ලබා ගැනීමට සමත් වුණා.

අද තරගයේ ප්‍රතිපලයත් සමග දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ද තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

[wpdatatable id=6]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...