5 වැනි වරටත් යොවුන් ලෝක ක්‍රිකට් ශූරතාවය ඉන්දියාවට

Date:

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඉන්දීය යොවුන් කණ්ඩායම මෙරට වේලාවෙන් අද(6) අලුයම සමත් වුණා.

ඒ, එංගලන්ත යොවුන් කණ්ඩායම සමග පැවැති අවසන් මහා තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කරමින්.

ඉන්දියාව වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගත් පස්වැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

ඇන්ටීගා හි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තයට පන්දුවාර 44.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 189 ක් පමණයි.

ඉනිමේ 7 වැනි කඩුල්ල ලකුණු 91 දී බිද වැටුණා.

කෙසේ වෙතත්, අනතුරුව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 93 ක සබදතාවයක් ගොඩ නැගීමට ජේම්ස් රුව් හා ජේම්ස් සේල්ස් සමත් වුණා.

ජේම්ස් රුව් ලකුණු 95කට දැවී ගිය අතර, ජේම්ස් සේල්ස් නොදැවී ලකුණු 34යි.

පන්දු යැවීමේ දී රාජ් බාවා කඩුලු 5ක් බිද හෙලුවා. රවී කුමාර් කඩුලු 4ක් දවා ගැනීමට ද සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය යොවුන් කණ්ඩායම පන්දුවාර 47.4ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ෂයික් රෂීඩ් ලකුණු 50ක් ද, රාජ් බාවා ලකුණු 35ක් ද ලබා ගත්තා.

නිශාන්ට් සින්ධු නොදැවී ලකුණු 50ක් ලබා ගනිමින් ඉන්දියාව ජයග්‍රාහී සීමාව කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී ජොෂුවා බොයිඩ්න්, ජේම්ස් සේල්ස් හා තෝමස් ඇස්පින්වෝල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...